කංජිපානි තවදුරටත් රිමාන්ඩ්

Share

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකාර කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂණයක් සඳහා ලබන 19 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

අනතුරුව සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Read more

Local News