තවදුරටත් නායයාමේ අවදානම දිස්ත්‍රික්ක හතරකට

Share

දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊයේ (17) පස්වරුවේ නිකුත් කළ මෙම අවදානම් නිවේදනය අද (18) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැළියගොඩ යන ප්‍රදේශ සඳහා නායයාමේ අවාදානම් නිවේදන නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රාක්කයේ වරකාපොල සහ දෙහිඕවිට යන ප්‍රදේශවල නායයාමේ අවදානම් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහ යන ප්‍රදේශ සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොරලේ යන ප්‍රදේශ සඳහාත් නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

Read more

Local News