හංවැල්ලේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියක් සොයා ගැනේ

Share

හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තැබීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවියක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත නවගමුව, සමගි මාවත ප්‍රදේශයේ සගවා තිබියදී විදෙස් රටට නිෂ්පාදිත මිලිමිටර් 9 වර්ගයේ ගිනි අවියක් මෙලෙස සොයා ගෙන ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාලව මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News