හිටපු නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති ගෞරව නාමයන්ගේ පිදුම් ලබයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ්ද ෆ්ලිට් යන ගෞරව නාමයන්ගේ පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙයි.

කොළඹ වාරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදී ඊට අදාල උත්සවය පැවැත්වෙයි.

දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කිරිමේ මානුෂිය මෙහෙයුමට දායක වූ හමුදාපතිවරුන් වෙනුවෙන් රජයේ ඉහලම ගෞරවය පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ අතර ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ප්‍රදානය කෙරුණි.

Exit mobile version