නෙලුම් කුලුන ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්

නෙලුම් කුලුන ඉදිකිරිමේදී සිදුව ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවෙ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු එම කුලුන ඉදිකිරීමට දායක වූ ආයතන ගෙන්වන බව කොප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

කෝප් කමිටුව ඊයේ (18දා) රැස්වූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම තීරණයට  කෝප් කමිටුවේ සාමාජිකයන් වන රවුෆ් හකීම් හා සුජිව සේනසිංහ යන මහත්වරුන්ගේ අනුමැතිය ලැබිණි.

Exit mobile version