ගෝඨාභය අද පොළොන්නරුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පොළොන්නරුව ප්‍රදේශයයේ වැඩසටහන් කිහිපයකට එක්වීමට නියමිතව තිබේ.

අද උදෑසන ඒ මහතා මැදිරිගිරියේ විහාරස්ථානයක් වෙත ගොස් ඇති අතර පසුව එම ස්ථානයෙන් පිටත් වී පසුව සෝමාවතී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පහමුණේ සුමංගල හිමියන් බැහැ දැක එම ස්ථානයේ ආගමික කටයුතුවල නිරතව ඇත.

ඉන් අනතුරුව සෝමාවතී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පහමුණේ සුමංගල හිමියන් බැහැ දුටු ඒ මහතා සෝමාවතී රජමහා විහාරයේ සිට දිඹුලාගල රජමහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.

Exit mobile version