සජිත් පක්ෂයේ ඉදිරියෙන්ම ඉන්නා බව කබීර් කියයි

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය කිහිපදෙනෙකුම ඉල්ලා ඇති නමුදු ඉහළින්ම සිටින්නේ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දෙමින්.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයකට එළඹිමට හෙට (20) දිනය වන විට හැකියාවක් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද සහ හෙට යන දිනයන්හි පක්ෂකයේ නායකත්වය ප්‍රමුඛව සාකච්ඡාවට කිහිපයක්ම තිබෙන බැවින් එහිදි අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව ඒ මහතා පැවසීය.

එහිදි මාධ්‍යවේදියෙකු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කළද යනුවෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිදි ඔහු පැවසුවේ ඒ සම්බන්දයෙන් කිසිදු සාකච්ඡාවකට තමන් සහබාගී නොවු බවයි.

Exit mobile version