සජිත්, අකිල ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවට අද

රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සජිත් ප්‍රේමදාස මහතා සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් අද (23) පෙනී සිටිමට නියමිතයි.

නිවාස අධිකාරීය සඳහා නිත්‍යානුකුල නොවන ආකාරයෙන් පත්වීම් ලබා දීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීමේදී සිදුවු වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

Exit mobile version