රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

පස්යාල, ගිරිඋල්ල ප්‍රදේශයේ කදන්ගමුව මහා විද්‍යාලය ඉදිරිපිට සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත.

ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News