කරුවලගස්වැව දී සිදුවු රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 7ක් රෝහලට

අද (23) දින උදෑසන කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ දී යුද හමුදා බස් රථයක් ඇඟලුම් සේවිකාවන් ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටීමේන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත.

අනුරාධපුර සිට පුත්තලම යුධ හමුදා කඳවුරේ පුහුණුවක් සඳහා සෙබළුන් පිරිසක් රැගෙන එමින් තිබු යුද හමුදා බස් රථ දෙකකින් එක් බස් රථයක් එක්වරම 10 කණුව ප්‍රදේශයෙදී ඉස්සර කිරීමට යාමේදි පුත්තලම සිට නොච්චියාගම දක්වා ඇඟලුම් සේවිකාවන් රැගෙන යමින් තිබු වෑන් රථයද අනතුරට පත්ව ඇත.

අනතුරත් සමඟ බස් රථයේ ගැටුණු වෑන් රථය වට කිපයක් කැරකී ගොස් පෙරළී ඇති අතර එහිදී එම වෑන් රථයේ ගමන් කළ සේවිකාවන් හත් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබු ඇඟලුම් සේවිකාවන් පිරිස පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් දෙදෙනෙකුට බරපතළ බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධව යුධ හමුදා බස් රථයේ යුධ හමුදා රියදුරු කරුවලගස්වැව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version