හික්කඩුව, පින්කන්ද ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක් හා බෝර 12 උණ්ඩ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අද (23) දින පෙරවරුවේ හික්කඩුව පොලිස් වසමේ පින්කන්ද ප්‍රදේශයේ දී රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් හා 19ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.