මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහින්ද හමුවෙයි

ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ඊයේ (23) පස්වරුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුද එක්වූහ.

Exit mobile version