ඇප තැන්පත් කිරීම අද මධ්‍යහන 12න් අවසන්

Share

ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කෙරුණු පළාත් පාලන ආයතන 93කට අදාළ මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12.00න් අවසන් විය. එම පළාත් පාලන නාමයෝජනා බාරගැනීම පසුගිය 11 වැනිදා ආරම්භ වූ අතර හෙට මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතයි.

දෙවන අදියර යටතේ පළාත් පාලන ආයතන 248 ක් සඳහා ඇප තැන්පත් කිරීම ලබන 18 වැනිදා ආරම්භ වෙයි. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ 20 වැනිදා මධ්‍යහන 12 න් එම කටයුතු අවසන් වන බවයි.

එම පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා බාරගැනීම 18 වැනිදා සිට 21 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදුකෙරෙයි.

Read more

Local News