බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගනී

Share

මන්නාරම, සව්ත්බාර් සහ ඕලුතුඩුවායි ප්‍රදේශයන්වල සිදු කළ සෝදිසි කිරීම්වලදී පාර්සල් 34 ක අසුරා තිබු බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 1243.3ක් නාවික හමුදාව විසින් ඊයේ (25) දින සොයා ගෙන තිබේ.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, සව්ත්බාර් ප්‍රදේශයේ වෙරළ ආශ්‍රීත සිදුකල විශේෂ පා මුර සංචාරයකදී වෙරළේ නවතා තිබු සැක කටයුතු බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරික්ෂා කිරිමේදි එහි තිබු සැකකටයුතු පාර්සල් 12 ක් සොයා ගෙන ඇත.

එම පාර්සල් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එවාහි අසුරා තිබු  බීඩී කොළ කිලෝග්‍රෑම් 368.4 ක් සොයාගෙන ඇත.

තවද මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ආශ්‍රිත සිදුකල විශේෂ පා මුර සංචාරයකදී වෙරළට ගොඩ ගසා තිබු පාර්සල් 22 ක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 874.9 ක් ද සොයාගෙන තිබේ.

මෙලෙස සොයා ගන්නා ලද බීඩි කොළ තොගය සහ බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදිමට නියමිතය.

Read more

Local News