දුම්රිය වර්ජනය තවදුරටත්

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේද පැවැත්වෙයි.

වැටුප් විශමතාවන් සම්බන්ධයෙන් වන ඉල්ලීම් මුලික කර ගනිමින් ඔවුන් ඊයේ (26) වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වු අතර ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යන කටයුතු අඩපණ වී තිබුණි.

මේ අතර දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනයද අදත් ක්‍රියාත්මකයි.

ඊයේ පස්වරුවේ පමණක් කාර්යාල සේවකයින් සඳහා කොළඹ සහ මරදාන සිට කාර්යාල දුම්රිය 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

Exit mobile version