මැතිවරණ කොමිසමෙන් ඇල්පිටිය ඡන්දය ගැන දැනුම්දීමක්

Share

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළව ජාතික මැතිවරණවලදී මෙන් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්ද දායකයින් සඳහා වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවිමකින් තොරව ඡන්දය භාවිත කිරිමට අවශ්‍ය නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ආයතන සංග්‍රහයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවම කාලය පැය දෙකකට නොවඩු කාලයක් ලෙස ද ඡන්ද ප්‍රකාශ කිරීමට යාම සඳහා අවශ්‍ය යැයි සිතෙන කාලයක් සඳහා වැටුප් අඩු කිරිමක් නොමැතිව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවයි.

ඡන්දය භාවිත කිරිම සඳහා තම සේවා ස්ථානයේ සිට ඡන්ද පොලට යා යුතු දුර ප්‍රමාණය කිලෝමිටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක් ද, කිලෝමීටර් 40ත් 100ත් අතරනම් එක් දිනක් ද කිලෝමීටර් 100ත් 150ත් අතරනම් දින එක හමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින දෙකක් ද ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Read more

Local News