තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිමඩ, මීරගහවත්ත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඔහු සතුව තිබී දුම්වැටි 1820ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකරු 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු අද(28) වැලිමඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.