උල්කාපාත වර්ෂාවක් අද රෑ අහසේ

Share

ජෙමිනිඩ් නැමති උල්කාපාත වාර්ෂාව අද වඩාත් පැහැදිලි ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයින් පවසා තිබේ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රියංකා කෝරළගම සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රියේදී උල්කාපාත වර්ෂාව හොඳින් දිස්වන බව ය. මධ්‍යම රාත්‍රියේදී ඉහළ අහසේදීත් අලුයම් කාලයේ බටහිර අහසේදීත් උල්කාපාත වර්ෂාව දිස්වනු ඇත.

ඇය සඳහන් කළේ, පසුගිය 07 වන දා ආරම්භ වූ ජෙමිනිඩ් නැමති උල්කාපාත වර්ෂාව ලබන 17 වන දා දක්වා පවතින බවයි.

වාර්ෂිකව හටගන්නා මෙම උල්කාපාත වර්ෂාව සෑම දෙසැම්බර් මාසයක ම පෘථීවියට දර්ශනය වනු ඇත.

Read more

Local News