දුරදිග ගිය ආරවුලක් නිසා පුද්ගලයෙකු ඝාතනය වෙයි

Share

ගොකරැල්ල පොලිස් වසමේ පහල දියතුරේ, මැල්සිරිපුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ඉන්ධන පිරවුම් හලක් තුළ සේවය කරන ලද කම්කරුවෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (29) රාත්‍රී 11.45ට පමණ කම්කරුවන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත සිදුවු පහර දීමකින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වු ඉගුරුවත්ත, මාවතගම ලිපිනයේ පදිංචි අයෙකි.

මෙම ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News