ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය දින 75ක් ක්‍රියා විරහිත කරයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නඩත්තු කටයුත්තක් සඳහා දින 75ක පමණ කාලයක් ක්‍රියා විරහිත කර තැබීමට නියමිතව තිබේ.

මෙම මස දෙවන සතිය තුළ අදාළ නඩත්තු කටයුත්ත සිදුකිරීමට නියමිත බවයි විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ.

Exit mobile version