ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසීය.
ලොකුළූණු ගොවියා සුරැකීම උදෙසා ජීවන වියදම් කමිටුව මඟින් ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු.40 කින් ඉහළ දැමීමත්, ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ඉන්දියාව විසින් ලොකුළූණු අපනයනය නැවැත්වීමත් මත මෙරට දේශීය ලොකුළූණු කිලෝවක තොග මිල රු. 250 සිට 300 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව පාරිභෝගික ජනතාවට සහනයක් පිණිස ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) මධ්‍යම රාත්‍රියේ සිට රු. 39 කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.



