පළාත් කීහිපයක අද (01) සවස ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ මෙලෙස වැසි ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකියි.



