අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනී

Share

නාවික හමුදාව විසින් ඊය‌ේ (03) දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට එය පරීක්ෂා කිරීමේදි එහි තිබු ඇසුරුම් 04ක සුරක්ෂිතව අසුරා තිබු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

Read more

Local News