දෙහිවල සත්වොද්‍යානය සහ සියත TV, සියත FM එකතුව සංවිධානය කරන්නා වූ ලෝක ළමා දින සැමරුම අද (05) දිනය පුරා දෙහිවල සත්වොද්‍යානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
අද උදෑසන 8.00 මෙය ආරම්භ කරන අතර අවුරුදු 12 ට අඩු පොඩිත්තන්ට නොමිලේ ඇතුළුවිය හැකියි.
කුරුළු සංදර්ශන, මුහුදු සිංහ සංදර්ශන සහ අලි සංදර්ශන, චිත‍්‍ර තරඟ, ගායන සහ නිවේදන තරග ඇතුළු පොඩිත්තන්ට විනෝද විය හැකි කී‍්‍රඩා සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් අද දිනය පුරා පැවැත්වීමට නියමිතයි.
සත්තු බලන්න, තරඟ කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න අද දිනයේ දෙහිවල ජාතික සත්වොද්‍යානයට පැමිණෙන ලෙස පොඩිහිටි ලොකුහිටි සැමට සියත අපි ආරාධනා කරනවා.