ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (08) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කැලණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.



