පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කර නැහැ – මුදල් අැමති

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් (මාධ්‍ය) තනතුරේ සේවය කරන රුවන් ප්‍රදිනන්දිස් මහතා ධූරයෙන් ඉවත් කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙයට මාස කිහිපයකට පෙරාතුව ලබාගත් පූර්ව අනුමැතිය මත රුවන් ප්‍රදිනන්දිස් මහතා දැනට විදේශ ගතව සිටින අතර ඔහු ලබන සතියේ නැවත දිවයිනට පැමිණි විගස සිය රාජකාරියට වාර්තා කරනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read more

Local News