යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යාපනය ආහාර සැණකෙලිය – 2017 අද (15) සිට 17 දා දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇත.
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි.බඋතුරු පළාත් හෝටල් හිමියන්ගේ සංගමය හා ඒකාබද්ධව මෙම ආහාර සැණකෙලිය පැවැත්වෙනු ඇත.
මෙම සැණකෙලියට අද (15) දින යාල ටියුන්ස් සංගිත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංගීත සංදර්ශණයත්, හෙට (16) දින ශිව කුමාර් ප්‍රමුඛ අග්නි සංගිත කණ්ඩායම ඉදිරිපත් කරන ප්‍රසංගයක් සහ ඉරිදා (17) දින යුද හමුදා සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ප්‍රසංගයක් ද ඇතුළත් වේ.