අලුත්ගමදී රා ස්කාගාරයක් වටලයි

අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වා ගෙන ගිය රා ස්කාගාරයක් වටලා රා ලීටර් 83000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එම ස්කාගාරය පවත්වා ගෙන ගිය 53 හැවිරිදි පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු සහ නඩු භාණ්ඩ අලුත්ගම සුරාබදු නිලධාරීන්ට භාර දීමට නියමිත අතර මෙම රා කෘතිම රා දැයි පරීක්ෂා කිරීමට සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

Exit mobile version