වත්මන් ආණ්ඩුව කළ විශේෂම සේවය මෙන්න

වත්මන් ආණ්ඩුව කළ විශේෂම සේවය වන්නේ නිදහස් රටක් ගොඩනැගීම බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති ජනහමුවකට එක්වෙමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනහමු මාලාවේ තවත් හමුවක් ඊයේ පස්වරුවේ නාරම්මල සතිපොල භූමියේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් ඉස්සර වගේ සුදු වෑන් නෑ. අපි සුවසැරිය ගෙනාවා.

ඉස්සර වගේ දේශපාලකයෝ පොලීසිවල රාජකාරි කළේ නෑ.

2010 ඡන්ද ගනින්න ගිහිල්ලා අපිට වෙඩි තිබ්බා ඡන්ද පොළ ළඟදී. මගේ දෙතුන් දෙනෙකුට දණිස් පොල්කටු කුඩුවෙන්න වෙඩි වැඳුණා.

අපි සාධාරණ සමාජයක් ඇති කරලා දැනෙන විදිහට වැටුප් වැඩි කළා. අපි තරම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරපු ආණ්ඩුවක් තව නෑ.”

Exit mobile version