යාපනයට ටොර්නේඩෝ තත්ත්වයක්

යාපනය පන්නෙයි ප්‍රදේශයේ ඊයේ (15) සවස ටොර්නේඩෝ තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

වර්ෂාව හට ගැනීමට සුදානම් වු අවස්ථාවේ අදාළ ටොර්නේඩෝ තත්ත්වය හට ගත් බව ප්‍රදේශවාසින් පැවසු බව අප වාර්තාකරු සඳහන් කළේය.

ටොර්නේඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විනාඩි පහකට ආසනන් කාලයක් අදාළ තත්ත්වය පැවති බවද සඳහන් වේ.

වර්ෂාව හෝ වර්ෂාව හටගැනීමට පෙර ඇති වන පීඩන තත්ත්වය මත ටොර්නේඩෝ තත්ත්වයන් හට ගන්නා බව සඳහන් වේ.

Exit mobile version