ප්‍රංශයේ දකුණුදිගින් පිහිටි පර්පින්යොන් නගරය අසල පාසල් බස් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන් සිසුන් විසි දෙනෙකු තුවාල ලැබූ අතර එකොළොස්දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වන බව වාර්තා වේ. ඔවුන් අවුරුදු 13ත් 17ත් අතර වයස්වල පසුවන්නන් ය.
බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ එය පැයට කිලෝ මීටර් අසූවක වේගයෙන් ධාවනය කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. ගලවාගැනීමේ මෙහෙයුම් සදහා සහන සේවකයින් හැත්තෑවක් සහ හෙලිකොප්ටර් යානා හතරක් යොදවා තිබුණි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විපතට පත්වූවන් වෙනුවෙන් තම ශෝකය පළ කරමින් කියා සිටියේ රජය විපතට පත් වුවන්ට උපකාර කිරීමට සූදානම් බවය.