ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැලට භාරදීම හෙට(25) සිදු කිරීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දායකයින් වෙත ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන්විමට නියමිතව තිබේ.
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැම්බර් මස 09 වන දිනට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතියි.
මේ අතර ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව වාර්තා වෙයි.
තැපැල් ඡන්ද විමසීම ලබන 31 සහ නොවැම්බර් මස 01 වන දින සිදු කිරිමට නියමිතයි.
මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන මස 06 වන දිනට පෙර අවසන් කිරීමට සැලසුම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි.
ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය කෙරෙන බව ඇය පැවසුවේය.



