O/L සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 28

Share

2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 28 වන දින ආරම්භ වෙනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්, බී.සනත්.පූජිත මහතා පවසා සිටින්නේ මෙම විභාගය 2019.11.08 වන දින දක්වා පැවැත් වෙන බවයි.

දිවයින පුරා පරීක්ෂණ මණ්ඩලප 1295 ක දී මෙම පරීක්ෂණ පැවැත් වෙයි.

මෙවර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 174778 ක් පෙනී සිටිමට නියමිතයි.

සංගීතය(අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණ 2019.11.03 වන දින පැවැත් වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News