නාවික හමුදාව විසින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනියි

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් එකක් සහ වොටර්ජේල් කූරු එකක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඊයේ(24) ජෙලග්නයිට් අඩංගු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වැලි තුල සඟවා තිබූ ‍මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, එහිදී චාර්ජස් එකක් (01), වොටර්ජේල් කූරු එකක් (01), ඩෙටනේටර් 01 ක් සහ වෙඩි නූල් 01 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම පුපුරණ ද්‍රව්‍ය මසුන් ඇල්ලීම සඳහා රැගෙන යෑමේ අදහසින් මෙම ස්ථානයේ සඟවා ඇති බවට සැක පළ කරයි.

Exit mobile version