සජිත් දුක හදුනන නායකයෙක්ද ?

වත්මන් ජනාධිපතිවරණය ඉතාම වැදගත් ඵෙතිහාසික මැතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

රටේ මෙන්ම මහජනතාවගෙද ඉදිරි වසර පහ හය රදා පවතින්නේද මෙවර ජනාධිපතිවරණයෙ ජයග්‍රාහනය මත බවද අමාත්‍යවරයා පැවසීය.

පොලොන්නරුව ප්‍රදේශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජනතාවට ආදරය කරන, දර්ශනයක්, ප්‍රතිපත්තියක් ඇති තරුණ ජවයක් ඇති එකදු නායකයාද සජිත් ප්‍රේමදාස මහතා බවද අමාත්‍යවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තියෙන් බවත් ඔහුට තනිවම ගොඩනැගීමට හැකියාවක් නොමැති බවත් නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස යනු ජනතාවගේ දුක හදුනන නායකයෙකු බවත් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක්ද නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදි පැවසීය.

Exit mobile version