ගොවි ජනතාවට ඔප්පු ලබා දීමේ වගකීම මම බාර ගන්නවා

Share

අද වන විට රට දේශපාලන පළිගැනීම්වලින් පිරී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මඩකලපුවේදී පැවැති ජනරැලියකට එක්වෙමින්.

දේශපාලන නායකයින් සිරගත කර ඇති බවත්, සමහරුන්ට ඇප ලබා නොදෙන තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසු රාජපක්ෂ මහතා, එවැනි බොහෝ දේ සිදු කරමින් දේශපාලන පළිගැනීම් සිදු කරන බව කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව රටට හෝ ජාතියට වැඩ නොකළ බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා ටී.එන්.ඒ නායකයෝ විසින් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුව රැක ගත් බවත් පැවසීය.

අද වන විට සියලු දෙනා එකතු වී සටන් කරන බවත් කියා සිටි විපක්ෂ නායකවරයා, ගොවි ජනතාවට ඔප්පු ලබා දීමේ වගකීම තමා බාර ගන්නා බවත් කියා සිටිය්ය.

Read more

Local News