හැලොවින් සාදයක් අතරතුර වෙඩිතැබීමකින් 3ක් මරුට

අමෙරිකාවේ පැවැති හැලොවින් සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අතරතුරයි.

උත්සවයට සහභාගි වූවන් හැලොවින් ඇදුම් විලාසිතාවලින් සැරසී සිටීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එක්වර හදුනාගැනීම හැකිනොවූ බවට එරට පොලිස් වාර්තා පවසයි.

පරීක්ෂණ අතරතුර හෙලිදරව් වි ඇත්තේ ප්‍රහාරයේදී උණ්ඩ 20කට වැඩි ප්‍රමාණයක නිකුත් කර ඇති බවයි.

Exit mobile version