ජනාධිපතිවරණයට සම්බන්ධ පැමිණිලි 79 ක්

Share

ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පැමිණිලි 79 ක් ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ඉන්තහවුරු කර ගත් පැමිණිලි 59 ක් වැඩිදුර විමර්ශන සඳහා මැතිවරණ කොමිශන් සභාව වෙත යොමුකර ඇති බව එම ආයතනය සදහන් කළේය.

මැතිවරණ ව්‍යාපාර සඳහා රජයේ ගොඩනැගිලි හා පරිශ්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම ගණන 20ක් වේ.

මීට අමතරව පැමිණිලි 14 ක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපකරණ හා දිරි දීමනා සම්බන්ධයෙන් ලැබී ඇත.

රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරත වීම පිළිබඳ පැමිණිලි 11 ක්, රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10 ක්, නව පත් කිරීම්, ස්ථාන මාරුකිරීම් හා උසස්වීම් ලබාදීම පිළිබඳ පැමිණිලි 8 ක් ද තම ආයතනය වෙත ලැබී ඇතිපැමිණිලි අතර වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැවසුවේ.

මීට අමතරව රාජ්‍ය අනුග්‍රහය සහිත සංවර්ධන වැඩසටහන් අනිසි ආකාරයෙන් භාවිත කිරීම සහ මැතිවරණ ව්‍යාපාර සදහා සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්දයෙන් වන පැමිණිලි ද ලැබී ඇති බව එම ආයතනය වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News