පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද දාන්න දින 2ක් වෙන් කෙරේ

Share

2019 ජනාධිපතිවරණයට අදාලව පොලිස් නිළධාරින්හට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.

ඊට අමතරව එම දිනයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල වල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය 31 වනදායින් ආරම්භ විය.

ඒ අනුව පසුගිය31 සහ 01 වනදා යන දිනයන්හි රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමිවන්ට හට තැපැල් ඡන්දය සලකුණු  කිරිමට අවස්ථාව හිමි විය.

අදාල දිනයන්හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ඒ අනුව තම සේවාස්ථානය පිහිටි  දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවදී එම ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකියාව පවතියි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරිමට ඡන්ද දායකයින් හය ලක්ෂ 59,030දෙනෙකු  සුදුසුකම් ලබා තිබේ.

තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ ඡන්ද දායකයින්ට ඡනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සාමාන්‍ය පරිදි ඡන්දය භාවිතා කිරිමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

Read more

Local News