තැපැල් ඡන්දය සලකුණු කර එම පත්‍රිකාව ඡායාරූප ගත් 03ක් අත්අඩංගුවට

Share

තැපැල් ඡන්දය සලකුණු කර එම පත්‍රිකාව ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙක් ගුරුවරුන් බව පොලීසිය පවසයි.

අනෙක් පුද්ගලයා ගම්පොල පළාත් අධ්‍යාපන කාර්යාලයක මුරකරුවෙක් ලෙස රාජකාරි කර ඇති අතර ඔහුව ගම්පොල කුරුදුවත්ත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර  2019 ජනාධිපතිවරණයට අදාලව ඊයේ (01) දිනය වන විටපැමිණි 36ක් ලැබී ඇති බව  ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read more

Local News