ආරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම තම මූලික අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අලව්ව නගරයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ අලව්ව නගරයේ දී පැවැත්වුණි.
එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
එහිදී අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කළේ තමන් ආරම්භ කළ සංවර්ධන වැඩ කටයුතු වත්මන් රජය යටතේ සිදු නොවුණු බවයි.
වත්මන් ආණ්ඩුවේ වැඩ කළ හැකි මිනිසුන් නොසිටි බවත් ඔවුන් සිදුකළේ පළිගැනීම මිස පිළිගැනීම නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.



