තම පාලනයක් යටතේ සෑම නගරයක්ම හරිත නගරයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දෙහිවල පසුගියදා පස්වරුවේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ දෙහිවලදී පැවැත් විය.
ඒ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර ඊයේ (01) දිනයේදී කොළඹ සිට ගුවන් මගින් රිදීගම නගරයේ සංවිධාන කර තිබූ ජන රැලියට සහභාගි වීම සඳහා රිදීගම ක්‍රීඩාංගණයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, ප්‍රෙද්ශවාසීන් සමග සුහද කතාබහක නිරත විය.
අනතුරුව ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැලියක් ඊයේ පෙරවරුවේ මාවතගම සේරදුන්න ක්‍රීඩාංගණයේදී පැවැවිය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ පන්නල බස්නැවතුම්පලේදී පැවැත් විය.



