ශ්‍රීලනිපය එජාපය එක්ක එකතු වුණානම් මොකද වෙන්නේ

Share

එක්සත් ජාතික පක්ෂය හා එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාකරගත නොහැකි බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට පැවති ජනහමුවක් අමතින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

” ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වුණානම් විනාශ වෙනවා.

ශ්‍රීලනිපය ආරක්ෂා කරන්න වෙන කවුරුත් ඕනේත් නෑ. ඒකට අපි ඉන්නවා.

දේශපාලනය ආරම්භ කරපු දවසේ ඉදලා එක දවසක්වත් අපි ශ්‍රීලනිපය අතෑරලා ගියේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ ළඟ මේක දියවෙන්නේ නෑ. අපි එතුමාට වැඩ කරන්නේ නිකන් නෙවෙයි.

රට වෙනුවෙන් වැදගත් තීන්දු ගණනාවක් අපි එතුමාත් එක්ක ඇරන් තියෙනවා.”

Read more

Local News