වෛරස් උණ තත්ත්වයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව අද දහවල් 12.00 ට ප්‍රථම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස සියළු සිසුන්ට දැනුම් දී ඇති බවයි විශ්ව විද්‍යාලය පාලනාධිකාරිය සඳහන් කළේ.
උණ රෝගය වැළඳුණු සිසුවියක් ඊයේ දිනයේදී මහනුවර මහරෝහලේ දී ජීවිතක්ෂයට පත් වීමත් සමඟ විශ්ව විද්‍යාලය වසා දමා ඇත.
ඒ අනුව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කලමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය මෙලෙස වසා දමා ඇති බව සඳහන්.
මේ අතර උණ රෝගය වැළඳුණු තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගෙන් බරපතළ තත්ත්වයේ පසු වූ සිසුන් කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.




