රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ගෝඨා කළ දෙයක්

Share

රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ අලව්ව නගරයේ දී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා රට තුළ ඉඩ ලබා දෙන්නේ නැති බවයි.

Read more

Local News