මහත්මා ගුණාංගවලින් රජයන ලංකාවක් අපි නිර්මාණය කරමු

Share

නීති විරෝධී ක්‍රියාවන්ගේ නිරත වන සියලුදෙනා විනාශකර රට තුළ විනයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පිළියන්දල පැවති ජනරැලියක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ පිළියන්ලදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපි ත්‍රස්තවාදියෝ, මිනී මරුවෝ, කුඩු ජාවාරම්කාරයෝ, ළමා  අපචාරකරුවන්, ස්ත්‍රී දූෂකයින් විනාශ කරනවා.

රට තුළ විනයක් ඇති කර, මහත්මා ගුණාංගවලින් මනුස්සකම රජයන ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරමු.”

Read more

Local News