කටුනායක, බොරුපන්විලවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය සදහන් කළේය.
මෘත ශරීරය මේ වන විට මිගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර ඝාතනය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




