අනුරගෙන් තවත් ඡන්ද පොරොන්දුවක් මෙන්න

Share

මෙරට දිළිදුභාවය තුරන් කිරීම සඳහා හඳුන්වාදෙනු ලැබු සමෘද්ධි සහනාධාරය තම පාලනයක් යටතේ රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැළි මාලාවේ තවත් රැළියක් ඊයේ පස්වරුවේ කෑගල්ල නිදහස් මාවතේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“සමෘද්ධි ලාභියෙකුට මාසෙට 10000ක් දෙන්න අපි යෝජනා කරලා තියෙනවා.

අපේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14ක් හිටියා. අවම වැටුප් වැඩිවීම 10000 ගාණේ කලා. සමෘද්ධි පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. එහෙනම් ඔවුන්ටත් 10000 ගාණේ දෙන්න බැරිද?

හැබැයි මැරෙනකල් නෙවෙයි..

අපි අවුරුදු 5ක් ඇතුළත මෙම ආධාර මුදල දීලා සමීප අධ්‍යනයක් කරලා සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් සමෘද්ධියෙන් එළියට යනවා.”

Read more

Local News