තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව කොප්පරා හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධනඒකකයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලදවිදේශිය දුම්වැටි 4,000ක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
සැකකරු ඉදිරි විමර්ශන සඳහා මීගමුව පොලිසිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.




