මැඩගස්කරයේ සිදුවූ අනතුරකින් ලාංකිකයින් තිදෙනෙකු මරුට

Share

මැඩගස්කර් රාජ්‍යයේදී මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඔවුන් ගමන්ගත් මෝටර් රථය ගංගාවකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

විදේශ කටයුතු අමත්‍යාංශය පැවසුවේ, එරට පොලීසිය අදාළ මෝටර් රථය සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

එම සිරුරු මැඩගස්කර්හි රෝහලක තැන්පත් කර තිබේ.

විදේශ කටයුතු අමත්‍යාංශය සඳහන් කළේ, ෂී ෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි.

Read more

Local News